තැපැල් දෙපාර්තමේන්තු තොග ගබඩාව හදිසි නිරීක්ෂණයක - රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා ගෙන් සුපිරි වැඩක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 29, 2020

තැපැල් දෙපාර්තමේන්තු තොග ගබඩාව හදිසි නිරීක්ෂණයක - රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා ගෙන් සුපිරි වැඩක්

ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මුද්දර තොග ගබඩාවට හදිසි නිරීක්ෂණ චාරිකාවට ගිය ඇමැතිවරයාට රුපියල් කෝටි ගණනක මුද්දර සහ මුල් දින කවර තොගයක් ගබඩා කර තිබෙනු දක්නට ලැබී ඇත.

එහිදී එම කවර හා මුද්දර නිසි වටිනාකම් ගණනය කොට හැකි ඉක්මනින් අලෙවි කරන ලෙස තැපැල්පතිවරයාට හා නිලධාරීන්ට දැනුම් දී තිබුණි.
මේ පිළිබඳව දෙපාර්තමේන්තුවේ කිහිප දෙනෙකු අප හට අදහස් දැක්වුයෙ මෙම මුල් දින කවර දැනට වෙළද පොළේ රුපියල් 400 - 500 අතර මුදලකට අලෙවි කළ හැකි වනු අතර සමහර කළු කඩ වෙළදුන් එක් කවරයක් රුපියල් 1000 - 1200 අතර මුදලකට අලෙවි කරන බවයි ..
එබැවින් මෙම තොග අලෙවි කිරීමෙන් රජයට කෝටි ගණනක ආදායමක් ලබා ගත හැකි වනු ඇත.




No comments:

Post a Comment

Post Bottom Ad