දේශපාලන පක්ෂයක් තමන්ගේ ලකුණ තවත් දේශපාලන පක්ෂයකට ලබාදීමට එකඟ වන්නේ නම්, එම පක්ෂ දෙකෙහි ඉල්ලීම මත ලකුණ මාරු කිරීමට ඉඩ ලබාදීමට මැතිවරණ කොමිසන් සභාව සුදානම් බවත්, කැමති පක්ෂයකට මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසු සතියක් තුලදී එය කළහැකි බවත්, එම කොමිසමේ නිලධාරියකු පැවසිය.
මාර්තු 02දා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ප්‍රකාශයට පත්කර ඇති අතර එසේ වුවහොත් මාර්තු මස 08 දක්වා ලකුණ වෙනස් කළ හැකිය.
එම නිලධාරියා එසේ පැවසුයේ, දේශපාලන පක්ෂයක් ලකුණ අත් හැරීමේදී එම ලකුණ සංචිතයට එකතුවන නිසා වෙනත් පක්ෂයක් එම ලකුණ ඉල්ලා සිටියහොත් කුසපත් අදින්නට සිදුවන බවට දේශපාලන පක්ෂ නියෝජිතයින් කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් කළ විමසීමක දීය.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව දේශපාලන පක්ෂයක් ලකුණක් අත් හැරීමේදී එම ලකුණ සංචිතයට එක්වන නමුත්, දේශපාලන පක්ෂ දෙකක් අතර ඇතිකර ගන්නා එකඟතාවයකදී ඒ ගැන සලකා බලමින්, ලකුණ සංචිතයට එකතු නොකර දෙවැනි පක්ෂයට ලබාදුන් අවස්ථා මිට පෙරද තිබී ඇතිබව එම නිලධාරියා කීය.
සාමාන්‍යයෙන් දේශපාලන පක්ෂයක ලකුණක් වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැර සතියක් ගතවීම දක්වා කාලසීමාව තුලය. ඒ අනුව, මාර්තු මුල් සතිය තුල පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් සතියක් තුළ ලකුණ වෙනස් කලහැකිය.
කෙසේවුවද වෙනත් යම් පක්ෂයක ලකුණක් අලුත් පක්ෂයකට ලබාදීමෙන් පසු එය නැවත වෙනස් කළ හැක්කේ, නැවත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකින් පසුව බව අප වෙත අදහස් දැක්වූ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
මේවනවිට නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ 'හංසයා' ලකුණ සමගි ජන බලවේගයට ලබා දෙනවද ? නැද්ද ? යන්න දේශපාලන පක්ෂ කිහිපයක් සාකච්ජා කරමින් සිටින අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ 'පොහොට්ටුව' ලකුණින් මැතිවරණයට ඉදිරිපත්විය යුතු බව ආණ්ඩුවේ පක්ෂ අතර ද සාකච්ජාවක් ඇත.
(අනිද්දා - තරිඳු උඩුවරගෙදර)
Saturday, February 29, 2020

එජාප අර්බුදයට විසඳුමක් ! - ලකුණ මාරු කරන්න කොමිසමෙන් ඉඩ !!
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment