ආණ්ඩුව දැන් විදුලිය වතුර කපනවා.. ජනතාව ඒ ගැන දන්නෙ නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 29, 2020

ආණ්ඩුව දැන් විදුලිය වතුර කපනවා.. ජනතාව ඒ ගැන දන්නෙ නෑ..

අද වන විට පෙර නොදන්වා විදුලිය සහ ජලය කපා හරින බවත් ජනතාව ඒ ගැන දන්නේ නැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුවට ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සලසා දීමට හෝ හැකියාවක් ලැබී නැතැයි ද ඔහු පැවසීය.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩු විශාල ලෙස පහත බැස තිබුණද මෙරට ඉන්ධන කිසිදු මිල අඩු කිරීමක් සිදු නොකළ බවද ඔහු පැවසුවේය.

පොහො නොමිලේ දෙන බවට ජනාධිපතිවරණයේදී පැවසුවද අද වන විට මුදලට වත් ගැනීමට පොහොර නැති බවද මන්ත‍්‍රීවරයා චෝදනා කරයි.

ඔහු මේ බව කියා සිටියේ දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනට එක්වෙමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad