ශරීයා විශ්ව විද්‍යාල තුනක් මඩකලපුව, බේරුවල, මහරගම ක‍්‍රියාත්මකයි.. මද‍්‍රසා පාසැල් දහස පනී.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 29, 2020

ශරීයා විශ්ව විද්‍යාල තුනක් මඩකලපුව, බේරුවල, මහරගම ක‍්‍රියාත්මකයි.. මද‍්‍රසා පාසැල් දහස පනී..

රජයේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන යන මද්‍රසා අධ්‍යාපන ආයතන 800 ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහන් කරයි.
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා කළුතරදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

දැනටමත් මද‍්‍රසා ආයතන 370 ලියාපදිංචි වී ඇති බවත් තවත් 175ක් ලියාපදිංචි වීමට ඉල්ලුම් කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මේ ආකාරයට මද‍්‍රසා ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.

මෙරට තුළ දැනටද ෂරියා විශ්වවිද්‍යාල තුනක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇති බවද කී ඔහු ඒවා මඩකලපුව, බේරුවල හා මහරගම ක්‍රියාත්මක වන බවද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad