පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක් - නලින් බණ්ඩාර - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 29, 2020

පාස්කු බෝම්බ ප‍්‍රහාරය එල්ල කලේ පොහොට්ටුවේ සාමාජික පිරිසක් - නලින් බණ්ඩාර

පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන චූදිතයා සහ මහ මොළකරුවන් සියලු දෙනාම අද වන විට සිටින්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. අදාළ චූදියන් සියලු දෙනා අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නිත්‍ය සාමාජිකයන් වී ඇති බවද ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

තරුණ තරුණියන්ට රැකියා ලක්ෂයක් දෙන බව පැවසුවත් මහමැතිවරණයට පෙර රැකියා දස දහසක් හෝ ලබා දී පෙන්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බවද එහිදී ඔහු සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad