72 වන ජාතික නිදහස් දිනය සැමරීමට දෙමළ ජනතාවට සැමරීමට නිදහසක් නොමැති බව පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් අද (04) සරසවිය ඉදිරිපිට කලු කොඩි එල්ලා නිදහස් දිනය කලු දිනයක් සේ සලකා ඇත.
යාපනය විශ්වවිදයාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් මෙම පියවර ගෙන ඇති අතර එහිදී ඔවුන් ඊයේ දින රැස්වෙමින් සාකච්ඡා කොට ඇත්තේ යුද්දය අවසන් වී නැවත පදිංචි වූ දෙමළ ජනතාවට විඳා ගැනීමට නොහැකි වූ විසඳුම් නොලැබුනු ගැටලු රැසක් තිබියදී නිදහස් දිනය සැමරීමට නොහැකි බවටය.
ඉඩම් බලහත්කාරයෙන් ගැනීම්, මුල් ඉඩම් නොලැබීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොවීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු, යුද අපරාධ වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් නොලැබීම ආදි ගැටලු වෙනුවෙන් දෙමළ ජනතාවට විසඳුමක් නොලැබීම නිසාවෙන් 72 වන ජාතික නිදහස් දිනය කලු නිදහස් දිනයක් සේ සලකන බවට යාපනය මහාශිෂ්‍ය සංගමය පවසයි.
යාපනය සරසවිය ඉදිරිපිට කලු දිහස් දිනය යනුවෙන් බැනර් එල්ලා නිදහස් දිනය අද දින වර්ජනය කරන බවට යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය වැඩි දුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Tuesday, February 4, 2020
යාපනය විශ්වවිද්‍යාල සිසුන් නිදහස් දිනය වර්ජනය කරමින් කලු කොඩි එල්ලයි.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment