වුහාන් ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවකයින් දිරි දීමනා ප‍්‍රතික්‍ෂෙප කරති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

වුහාන් ගිය ශ්‍රී ලන්කන් ගුවන් සේවකයින් දිරි දීමනා ප‍්‍රතික්‍ෂෙප කරති

කොරොනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා ඇතුලූ ගුවන් කාර්ය මණ්ඩලය එම ගමන වෙනුවෙන් ගුවන් සමාගමෙන් ලබාදී ඇති විශේෂ දිරිදීමනාව ප‍්‍රතික්ෂේප කර තිබේ.
වුහාන් ගුවන් මෙහෙයුමේ භූමි මෙහෙයුම් සඳහා නිරතව සිටි ගුවන් සමාගමේ සේවක මහත්ම මහත්මීන් සඳහා මුඛ ආවරණ, අත් ආවරණ ඇතුළු සනීපාරක්ෂක ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා එම මුදල් යොදවන ලෙසට ඔවුන් ගුවන් සමාගමේ පරිපාලනයෙන් ඉල්ලීමක් කර ඇත.

වුහාන් බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ UL 1423 ගුවන් යානයේ ප‍්‍රධාන ගුවන් නියමුවන් ලෙස චමින්ද ද සොයිසා සහ සංජය අනුෂ්ක ජීවන්දර යන මහත්වරු සහ සහායක ගුවන් නියමුවන් ලෙස ශෙහාන් සෙනෙවිරත්න, රවීන් රණතුංග යන මහත්වරු කටයුතු කළහ.

සෙසු කාර්ය මණ්ඩලය ලෙස ෆර්හාන් හනීෆා, සමින්ද පෙරේරා, ජෙනලි ජාන්ස්සා, කොසාන් අනුරුද්ධ, දනිදු දුනුසිංහ, දිනුක් මාරප්පෙරුම, වසීම් මොහොමඩ්, අමාලි පතිරත්නගේ, එල්, ඞී. එම්. පත්බේරිය, දර්ශන දිසානායක, බී. පී. ආර්. ඩී. පතිරාජ, මලීෂ ප‍්‍රසාද් යන කාර්ය මණ්ඩලය කටයුතු කළේය.

මාරාන්තික කොරොනා වයිරසය හේතුවෙන් සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සියලුම කාර්ය මණ්ඩලය ස්වේච්ඡ‍ෙවෙන්ම එම අවදානමට මුහුණ දීමද විශේෂත්වයකි.

– lankadeepa

No comments:

Post a Comment

Post Bottom Ad