ජනපතිගේ නියෝගයට පයින් ගසා ඇමති මුදලාලිලා සමග පිටරටින් කජු ගෙන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

ජනපතිගේ නියෝගයට පයින් ගසා ඇමති මුදලාලිලා සමග පිටරටින් කජු ගෙන්වයි

ප්‍රති අපනයනය කිරීම තහනම් කරමින් ජනපතිවරයා කළ නියෝගයද උල්ලංඝනය කරමින් ප්‍රති අපනයනය කිරීම සඳහා කජු මෙට්‍රික් ටොන් 500ක් දිවයිනට ගෙන්වීමට ප්‍රබල ඇමැතිවරයකුගේ මාර්ගයෙන් ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව වාර්තා වනවා.

මේ වන විට වයඹ පළාතේ කජු ගොවීන්ගේ වගා බිම්වල කජු මල් පිපී ඇති අතර මාර්තු සහ අප්‍රේල් මාසවලදි අස්වනු නෙළීම ආරම්භ කිරීමට නියමිතයි.

එහෙත් එම කාලය වන විට කජු තොග ලංකාවට ගෙනැවිත් ප්‍රති අපනයනය කිරීමට ව්‍යාපාරිකයන් පිරිසක් සූදානම් වන බව කජු ගොවීහු පවසනවා.මෙම නිසා තම නිෂ්පාදනවලට නිසි මිලක් ​නොලැබෙන බවට ඔවුහු චෝදනා කරනවා.

මේ දිනවල දිවයින පුරා කජු හිඟයක් පවතින බව කජු සංස්ථාවේ ඉහළ නිලධාරීන් අමාත්‍යාංශයට දැනුම් දී කජු ආනයනය කිරීමට ඉහත කී ව්‍යාපාරිකයන් සූදානම් වන බවද වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad