රාජපක්‍ෂලා පරදන්න මර්වින් සිල්වා එජාපයෙන් හම්බන්තොටින් මහ මැතිවරණයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

රාජපක්‍ෂලා පරදන්න මර්වින් සිල්වා එජාපයෙන් හම්බන්තොටින් මහ මැතිවරණයට

දිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් තරග වැදීමට හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සූදානම් වෙයි.

ඔහු තරග වැදීමට සූදානම් වන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙනි.
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය අතහැර කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.

සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනීමත් සමගින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට එක් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad