කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට පිටතදී මියගිය පළමු රෝගියා පිලිපීනයෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට පිටතදී මියගිය පළමු රෝගියා පිලිපීනයෙන්

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට පිටතදී මියගිය පළමු රෝගියා පිලිපීනයෙන් වාර්තා වන බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය තහවුරු කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 44ක් වූ චීනයේ වූහාන් හි පදිංචි චීන ජාතික පිරිමි පුද්ගලයෙක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිලිපීනයෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය වැළදුනු කාන්තාව මෙම පුද්ගලයාගේ බිරිද ද වේ.

ඇය වයස අවුරුදු 38ක් වූ කාන්තාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මොවුන් දෙදෙනා පිලිපීනයේ මැනිලා නුවර රෝහලක ප්‍රතිකාර ලැබූ අතර, එහිදී වයස අවුරුදු 44ක් වූ පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බව ලෝක සෙ$ඛ්‍ය සංවිධානය වාර්තා කළේය.

ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 305ක් වේ.

No comments:

Post a Comment

Post Bottom Ad