හෙට නිදහස් දිනයේදී දුමින්ද සිල්වාට නිදහස? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

හෙට නිදහස් දිනයේදී දුමින්ද සිල්වාට නිදහස?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට එළැඹෙන නිදහස් දිනයේ ජනාධිපති සමාවක් ලැබෙනු ඇති බවට සමාජ ජාල වල මාධ්‍ය වාර්තා පලවී ඇත.

කෙසේ නමුත් එම වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

පෙබරවාරි 4 වැනිදා නිදහස් කිරීමට යෝජිත සිරකරුවන්ගේ නාම ලේඛණය මේ වනවිටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති අතර එහි දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීවරයාගේ නම සඳහන් නොවන බවද එම ආරංචි මාර්ග තහවුරු කළේය.

නිදහස් දිනයේ නිදහස ලැබන්නේ සුළු දඬුවම් විදින සිරකරුවන්ට බවත් මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවෙකුට සමාව ලබා දීම සදහා දීර්ඝ ක‍්‍රියාවලියක් ඇති බවත් එම ආරංචි මාර්ග තව දුරටත් පැවසීය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණ දඬුවම ලබා දී ඇති අතර එය ක්‍රියාත්මක කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි.

කෙසේ නමුත් එම නඩු තීන්දුව සම්බන්ධ ලබාදුන් විනිසුරුවකු සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබෙන්නේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට හෙළිදරව් වීම හේතුවෙනි.

දුමින්ද සිල්වා නිදහස් කරන ලෙස ඉල්ලමින් මේ වන විට විවිධ විරෝධතා හා බෝධි පූජා ආදිය කොළඹ දිස්ත‍්‍රික්කයේ විවිධ ස්ථාන වල ක‍්‍රියාත්මක වෙමින් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad