තම දියණියන් දෙදෙනා ගනිකා වෘත්තියේ යෙදවූ අම්මා කොටුවෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

තම දියණියන් දෙදෙනා ගනිකා වෘත්තියේ යෙදවූ අම්මා කොටුවෙයි

තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවලපිටිය පොලිස් වසමට අයත් දොලොස්භාගේ ප්‍රදේශයේ පදිංචි මව විසින් අවුරුදු 29 හැවිරිදි එක් දරු දියණිය සහ අවුරුදු 24 වයසැති දියණිය ගණිකා වෘත්තියේ යොදවන බවට නාවලපිටිය පොලිසියේ කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පොලිසියේ නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදවා මව සහ දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

24 හැවිරිදි දියණිය ගැබ්ගෙන ඇති බවත්, මව විසින් කාලයක් තිස්සේ පවුලේ තිබෙන ආර්ථික අපහසුතා මැද මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂන වලදි අනාවරණය වි තිබෙනවා,.

No comments:

Post a Comment

Post Bottom Ad