සහල් මාෆියාව ඉවරයි.. වී මිලට ගන්න හමුදාව යොදවයි.. කෙලින්ම ගොවියා අතට උපරිම මිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

සහල් මාෆියාව ඉවරයි.. වී මිලට ගන්න හමුදාව යොදවයි.. කෙලින්ම ගොවියා අතට උපරිම මිල

ගොවීන්ගේ වී අස්වැන්න සාධාරණ මිලකට වී අලෙවි මණ්ඩලය මගින් මිලදී ගැනීම සඳහා යුද හමුදාවේ මැදිහත්වීම මත විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත.

යුදහමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ රටපුරා පිහිටි ආරක්ෂක සේනා මූලස්ථාන සම්බන්ධීකරණයෙන් දිසාපතිවරුන් මාර්ගයෙන් මෙම වී මිලදී ගැනීම් සිදුකරන බවයි.

රටේ පවතින සහල් මාෆියාවට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ ගොවීන්ගේ වී අස්වැන්න අඩු මුදලකට අතරමැදියන් අතට පත් වීම වළක්වමින් ඔවුන්ගේ වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීම බවද හමුදාපතිවරයා තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad