LTTE ලාංඡන සහිත පත්‍රිකා සහ ආරක්ෂක අංශවල ව්‍යාජ රබර් මුද්‍රා සහිත අයෙක් කිලිනොච්චියේදී අතඅඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

LTTE ලාංඡන සහිත පත්‍රිකා සහ ආරක්ෂක අංශවල ව්‍යාජ රබර් මුද්‍රා සහිත අයෙක් කිලිනොච්චියේදී අතඅඩංගුවට

එල්.ටී.ටී.ඊ. ලාංඡන සහිත පත්‍රිකා සහ ආරක්ෂක අංශ වල ව්‍යාජ රබර් මුද්‍රා ලඟ තබාගත් පුද්ගලයෙකු කිලිනොච්චිය විවේකානන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ කාර්යාලයට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් හා පොලීසිය විසින් අදාල සැකකරු හා නීතිවිරෝධී උපකරණ තොගය අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකරු සමීපයේ තිබී  එල්.ටී.ටී.ඊ. ලාංඡන සහිත පත්‍රිකා 29 ක් , ව්‍යාජ රබර් මුද්‍රා 05 ක් තිබී හමු වී ඇත.

අදාල රබර් මුද්‍ර අතර යුද හමුදා බුද්ධි අංශ කාර්යාලයේ භාවිත කෙරෙන රබර් මුදාවන්ට සමාන මුද්‍රාවක්, කිලිනොච්චිය දිසා අධිකරණය භාවිතා කෙරෙන රබර් මුද්‍රාවට සමාන මුද්‍රාවක් ඒ අතර වෙයි.

අදාල එල්.ටී.ටී.ඊ. ලාංඡන සහිත පත්‍රිකා සහ ව්‍යාජ රබර් මුද්‍ර යොදා ගනිමින් කිසියම් නීතිවිරෝධී කටයුත්තක යෙදී ඇත්දැයි යන්න පිළිබඳව සෙවීමට මේ වන විටත් ආරක්ෂක අංශ විසින් පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවටද පරික්ෂණ සිදු කරන කිලිනොච්චය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:

Post a Comment

Post Bottom Ad