පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රැඳවීම සඳහා නව බන්ධනාගාර පරිශ්යක් ඇති කිරීමට ආරක්ෂක අමාත්‍යංශය මේවනවිට කටයුතු සුදානම් කරමින් පවතිනවා.
වැලිකඩ ඇතුළු බන්ධනාගාර කිහිපයක රඳවා සිටින ප්‍රබල ඝණයේ අපරාධකරුවන් 130 දෙනෙකු රැඳවීම එහි අරමුණයි.
ඒ අනුව ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න සහ තවත් උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඒ සඳහා සුදුසු ස්ථානයක් නිරීක්‍ෂණය කළ බවයි වාර්තා වන්නේ.
ඔවුන් පළමුව අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඒ සඳහා යෝග්‍ය දැයි නිරීක්‍ෂණය කර ඇති අතර එම අපරාධකරුවන් රැඳවීමට එම බන්ධනාගාර යෝග්‍ය නොවන බවට ඔවුන් පසුව නිගමනයකට පැමිණ තිබෙනවා.
ඉන්පසු එම පිරිස බූස්ස බන්ධනාගාරයේ නිරීක්‍ෂණයකට එක්ව ඇති අතර එහිදී තීරණය කර ඇත්තේ ප‍්‍රබල ඝණයේ අපරාධකරුවන් 130 දෙනා එහි රඳවා තැබීමටයි. දැනට එම බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් 22 දෙදෙනකු රඳවා සිටිනවා.
ඒ අතර වෙලේසුදා, කංජිපානි ඉම්රාන් සහ පොට්ට නවුෆර් රඳවා ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. කොළඹ රඳවා සිටින ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා තැබීමට යෝග්‍ය සිරමැදිරි 150 ක් බූස්ස බන්ධනාගාරයේ පවතින බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.
එහි අලූත්වැඩියා කටයුතු සිදුකිරීමෙන් අනතුරුව කඩිනමින් කොළඹ රඳවා සිටින අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරය වෙත යැවීමටයි තීරණය වී ඇත්තේ.
ඊට පෙර බුස්ස බන්ධනාගාරයට අවශ්‍ය ස්කෑනර් යන්ත‍්‍රද ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශය එකඟතාව පළ කර තිබෙනවා.
බූස්ස බන්ධනාගාරයේ ආරක්‍ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමටද තීරණය කර තිබෙනවා. පැය 24 පුරා ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යෙදවීමට නියමිතයි.
ඊට යොදවන විශේෂ කාර්ය බලකා නිලධාරීන් ගණන 150 ක්. ඔවුන්ට අවශ්‍ය ගොඩනැගිලිද ප‍්‍රතිසංස්කරණය කෙරෙන බවද බන්ධනාගාර ආරංචි පැවසුවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් බන්ධනාගාරයට පැමිණෙන නිලධාරීන්, රැඳවියන් සහ රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් ඍජු පරීක්‍ෂාවකට ලක් කිරීමට නියමිතයි.
ඊට අමතරව මුර අට්ටාල අටෙහි පැය 24 පුරා ආරක්‍ෂක කටයුතු සිදුකරන්නේද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්.
ඉදිරියේදී බූස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුතු සඳහා රැගෙන යන රැඳවියන් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ආරක්‍ෂාව මධ්‍යයේ අධිකරණ වෙත රැගෙන යාමට නියමිත බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.
Monday, February 17, 2020
STF යටතේ ප්‍රබල අපරාධකරුවන්ට බන්ධනාගාරයක් – ජේලර්ලාටත් සෙල්ලම් බෑ !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment