ඇමරිකා තහනමෙන් හමුදාපති යුද අපරාධකරුවෙක් බව හෙලිවුණා.. ඔහුට දඬුවම් කරනු - TNA - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 16, 2020

ඇමරිකා තහනමෙන් හමුදාපති යුද අපරාධකරුවෙක් බව හෙලිවුණා.. ඔහුට දඬුවම් කරනු - TNA

මරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරටට ඇතුළුවීම තහනම් කරමින් පනවා පනවා ඇති තහනම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය සඳහන් කරන්නේ හමුදාපතිවරයාට පැනවූ මෙම තහනම හේතුවෙන් යුද්ධයෙන් පසු දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් විවර කර ඇති බවයි.
යුද සමයේ සිදු වූ මානව හිමිකම් කඩවීම්, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් හා ඊට සම්බන්ධ සාක්කි සාධක අනුව එවකට යුද හමුදාවේ 58 වැනි සේනාංකය භාරව සිටි වත්මන් යුද හමුදාපතිවරයා වගකිව යුතු බව නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රජයෙන් දැන් කළ යුත්තේ ජාත්‍යන්තර විමර්ශනවලින් හෙළි වී තිබෙන මෙම සාක්ෂි පදනම් කර ගනිමින් යුද අපරාධකරුවන්ට නොපමාව දඬුවම් දීම බවද නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad