මේ වන විට ලොව පුරා වාර්තා වූ නව කොරොනා ආසාදිත මරණ සංඛ්‍යාව 24,118 දක්ව ඉහළ ගොස් තිබෙනවා.
වෛරසයෙන් වැඩිම පුද්ගල මරණ වාර්තා වන්නේ යුරෝපානු කලාපයෙන්. එමෙන්ම වාර්තා වූ මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 536,617 ක්,
මේ වන විට චීනයේ ආසාදිත සංඛ්‍යාව අභිබවමින් ඇමරිකාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 85,612 ලෙස ඉහළ ගොස් ඇති බවටයි ලෝක කොරෝනා වාර්ථා දර්ශකවල පෙන්නුම් කරන්නේ.
එමෙන්ම ඉතාලිය,ස්පාඥය, ප්‍රංශය, යන රට වල පසුගිය දින කිහිපයේම වාර්ථාවන මරණ සංඛ්‍යාවේ කැපීපෙනෙන වැඩි වීමක් පෙන්නුම් කරන අතර, ඊයේ දිනයේ පමණක් වාර්ථා වූ මරණ සංඛ්‍යාව 2300කට අධිකයි.
No comments:
Post a Comment