අද වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
මේ හේතුවෙන් තම ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බව ද ඔහු සඳහන් කළේය. ෛ
මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යයි පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කුමක් වන්නට තිබුණේ දැයි කල්පනා කළ යුතු බවද ඔහු පැවසීය.
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකේ පන්තියට දමා පහර දෙන තැනට පත්වී ඇති බවත් එසේ බනින්නෙ පහළ සිටින පොඩි දේශපාලකයන් විසින් බවද මහ ලේකම්වරයා කීය.
අද බල්ලන්ට බළලුන්ට ගහනවා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහර දෙන බවත් මෙයාකාරයෙන් තුනෙන් දෙකක ආණ්ඩු හදන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා කාරයන් නැතිනම් පොදුජන පෙරමුණක්ද නැති බව පැවසූ ඔහු ඉවසන්න හැකි උපරිමය ඉවසා මේ බව පවසන බවද ශ‍්‍රීලනිපයද ඇතුළුව සියල්ලන් එක් වී ජයග්‍රහණය ලබා ගත් බව අද අමතක වී ඇති බවත් ගුණමකුකම කියන්නෙ එකට බවද ඔහු කියා සිටියේය.
මෙම ප‍්‍රහාරයට සද්ද නොකර නිහඬව ඉන්නවාද විරුද්ධව විකල්ප බලවේගයක් හදනවා දැයි හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.
මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ දී ජන හමුවක් අමතමිනි.
Sunday, March 8, 2020
Home
ප්රවෘත්ති
අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි
අපට බල්ලන්ට වගේ බනිනවා.. පොහොට්ටුවන් ගුණමකුවන්.. අපි ඉවසා ඉවරයි.. මෙහෙම ආණ්ඩු හදන්න පුළුවන්ද..- දයාසිරි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment