පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හසිම් ඇතුළු අන්තවාදීන් කණ්ඩායම දිවුරුම් දීමට හා ආරක්ෂිත නිවස්නයක් ලෙස භාවිත කළ ගල්කිස්ස ස්ටෑන් ටවර් නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා දර්ශනවල දේශපාලනඥයන් එහි ආගිය තොරතුරු විමර්ශන අතරතුර මකා දැමීමේ සිද්ධියක් ගැන ඉහළ පෙළේ පරීක්ෂණයක් ඇරඹීමට රජය තීරණය කර ඇත.
එම සීසීටීවී දර්ශන ඇතුළත් ඩී. වී. ආර්. යන්ත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ පසුව විමර්ශන යන අතරතුර ඉහළ දේශපාලන බලපෑමකින් සීසීටීවී දර්ශන මකා දමා ඇතැයි දැනට අනාවරණය වී ඇත.
මෙම නිවාස සංකීර්ණයේ නිවාස දෙකක සහරාන් ඇතුළු කණ්ඩායම මාසයකට වඩා වැඩි කාලයක් රැඳී සිට ඇතැයි අනාවරණය වී ඇත.
මූලික විමර්ශනවලදී එහි තිබූ සීසීටීවී දර්ශන මේ වන විට නොමැති බවට ආරක්ෂක අමාත්‍යාංශයට ලද පැමිණිලි මත මේ සම්බන්ධව විමර්ශන පැවැත්වීමට තීරණය කර තිබේ.
ඉහළ පොලිස් නිලධාරියකු හා පොලිස් නිලධාරිනියක මෙයට වගකිවයුතු බවට දැනට අනාවරණය වී ඇත.
මේ ආකාරයට කුරුණෑගල වඳ සැත්කම් සිද්ධියේ වෛද්‍ය සාෆි සහබ්දීන්ගේ විමර්ශනය අදාළ නඩු භාණ්ඩයක් වූ සීසීටීවී දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය (DVR) උසාවි නියෝග නොමැතිව සැකකරුටම භාර දීමෙන් පසුව වීඩියෝ දර්ශන මකා දැමූ සිද්ධියක ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකුව සිටි බී. එස්. තිසේරා සෙනසරාදා (29 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබිණි
අරුණ
Sunday, March 1, 2020

Home
ප්රවෘත්ති
සහරාන්ගේ ගෙදරට දේශපාලකයෝ රොත්තක් ඇවිත්! ඉහළ දේශපාලන බලපෑමකින් පොලිසිය cctv දර්ශන මකලා!
සහරාන්ගේ ගෙදරට දේශපාලකයෝ රොත්තක් ඇවිත්! ඉහළ දේශපාලන බලපෑමකින් පොලිසිය cctv දර්ශන මකලා!
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment