විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලාංකිකයන් මිලියනයකට වැඩි ප්‍රමාණයක් විදේශ රටවල රැකියාවල නිරත වී සිටින අතර, වර්තමාන්යේ රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන ප්‍රභවය එම විදෙස්ගත ශ්‍රමිකයින් බවට පත්වී ඇත.
එසේ වුවද විදේශ ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සමාජ ආරක්ෂණය වෙනුවෙන් යම් මුදලක් ඉතිරිකිරීමට නොපෙළඹෙන බවත් ඒ හේතුවෙන් ඔවුන් විශ්‍රාම වයසට එළඹි පසු ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බවත් නිරීක්ෂණය වී ඇත.
මෙයට පිළියමක් ලෙස විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා දායක විශ්‍රාම වැටුපක් ආරම්භ කිරීමට යෝජනාකර ඇත. ඒ අනුව විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා දායක සමාජ ආරක්ෂණ අරමුදලක් ඇතිකිරීම පිණිස පනත්කෙටුම්පත සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කෙටුම්පත පිලියෙල කිරීමට විශේෂඥ කමිටුවක් පත්කිරීම පිණිස නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යතුමා ඉදිරිපත් කල යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
-gotanews
Sunday, March 1, 2020

විදෙස් ශ්‍රමිකයන්ට සමාජ ආරක්ෂණ අරමුදලක්
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment