නිරෝධායනය වී ගෙදර ආ මාතර තරණයාටත් කොරෝනා - මාතරින් ආසාධිතයින් දෙන්නයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

නිරෝධායනය වී ගෙදර ආ මාතර තරණයාටත් කොරෝනා - මාතරින් ආසාධිතයින් දෙන්නයි

මාතර දිස්ත්‍රික්කයේ දෙවැනි කොරෝනා ආසාධිත රෝගීයා ලෙස අකුරැස්ස ප්‍රදේශයේ 42 හැවිරිදි පුද්ගලයෙකු හදුනා ගෙන තිබෙනවා.

කොරියාවේ සිට මෙරටට පැමිණ ඇති ඔහු පසුගිය දා කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානයේ දින 14ක් නීරෝධායනය වී සිය නිවසට පැමිණ සිටි අයෙකු බව සඳහන්.

ඒ ආකාරයට නීරෝධායනය වී නිවසට පැමිණි කලුතර පදිංචි තරුණයෙකුට ද ඊයේ කොරෝනා ආසාධයනය වී ඇති බව තහවුරු වීමත් සමග ඔහු සමග එකට සිටි මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින් 06 දෙනෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ගන්දර ,මොරවක ,අකුරැස්ස, ඌරුබොක්ක, කඹුරුපිටිය ,හක්මන යන පොලිස් වසම් වල පදිංචිකරුවන්.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ පදිංචි පුද්ගලයින් 06 දෙනා ඊයේ සෞඛ්‍ය නිලධාරීන් විසින් කඹුරුගමුව දිසා රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කරනු ලැබුවා.

ඔවුන්ගේ සාම්පල් වලින් වැඩි දුර පරීක්ෂණ සිදුකර තිබෙන අතර එහි දී අකුරැස්ස පදිංචි පුද්ගලයා පොසිටිව් තත්වයේ පසුවන බව තහවුරු වී ඇත.

එම රෝගීයා තව සුළු වේලාවකින් අයි.ඩී.එච්.රෝහල වෙත රැගෙන යාමට නියමිතව ඇත.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

No comments:

Post a Comment

Post Bottom Ad