චීනයට පක්ෂපාති වුවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, April 6, 2020

චීනයට පක්ෂපාති වුවා යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට ඉල්ලා අස්වෙන්නැයි බලපෑම් !

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස් හට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් එල්ලවී තිබෙනවා.

ඒ, කොවිඩ් - 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය  දැක්වූ ප්‍රතිචාර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිසි ලෙස මැදිහත්වීමක් සිදුනොකළ බවට චෝදනා එල්ලවෙමින් පවතින පසුබිමකයි.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනය සත්‍ය තොරතුරු ලොවට වසන් කළ බවත් ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉල්ලා අස්විය යුතු බවයි රිපබ්ලිකන් සෙනට් සභික මාර්තා මැක්‌සාලි සඳහන් කරන්නේ.

අමෙරිකාවේ Fox නාලිකාව සමග සම්මුඛ සාකජ්චාවකට එක්වෙමින් ඇය කියා සිටියේ චීනයේ නිසි විනිවිද භාවයකින් තොරව කටයුතු කිරිමේ වැඩි චෝදනාව එල්ල වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත බවයි.

" ඔහු මුළු ලෝකයාම රවටා අවසන්. කිසිම අයුරකින් තමන් කොමියුනිට්ස්වාදියෙක් විශ්වාස නොකළ බවත් චීනයේ මෙම ක්‍රියා පිළිවෙත හේතුවෙන් අමෙරිකාව ඇතුළු ලොවපුරා විශාල මිනිස් ජිවිත සංඛ්‍යාවක් අහිමි වෙමින් පවතින බවත් ඊට හේතුව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා බව" ඇය ප්‍රකාශ කර තිබෙනවා.

" ආචාර්ය ටෙඩ්‍රෝස් ලෝකයාම රැවටීමකට ලක් කළා. ඔහු ප්‍රකාශ කර සිටියා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනයේ මැදිහත්වීම ඉතා ඉහලයි කියා.

පෙබරවාරි මාසය වන විට චීනයේ කොරෝනා ආසාධිතයින් 17,238ක් සහ මරණ 361ක් පමණක් වාර්තා වී තිබුණා.

ඔහු ඒ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටියා චීනයට සංචාරක තහනමක් පැනවීම අවශ්‍ය වන්නේ නැහැ කියලා.

වෛරසය මැඩ පැවැත්වීමේදී ජාත්‍යන්තර වෙළදාම සහ සංචාරයන්ට අනවශ්‍ය ලෙස මැදිහත් වන පියවරන් ගැනීම අනවශ්‍ය බව අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.

ඉකුත් මාර්තු මස 20 වෙනිදා ඔහු කියා සිටියේ චීනය තුල මේ වෙනවිට කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වන්නේ නැහැකියලා. වෛරසය පරාජය කරන්නට හැකි බවට වන සහතිකයයි ඔහු එහිදී අපිට ලබා දුන්නේ" රිපබ්ලිකන් සෙනට් සභිකවරිය කියා සිටියා.

චීනය විසින් කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් සිය රට තුල ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු වසන් කළ බවට මේ වන විට චෝදනා එල්ල වෙමින් පවතිනවා.

වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 3,300 කට ආසන්න සංඛ්‍යාවක් බවට එරට රජය ප්‍රකාශ කර සිටියත් එය අවම වශයෙන් 40,000 ඉක්මවු බවට මත පලවී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු අමෙරිකානු තානාපතිවරිය වන නිකී හේලි ද  කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගනු ලැබූ ක්‍රියා මාර්ග ගැන චෝදනා කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad