අගමැති බොරිස් ජොන්සන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා.
ඒ, අගමැතිවරයාගේ කොරොන වෛරස් රෝග ලක්ෂණ “නරක අතට හැරීම” හේතුවෙනි.
55 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය අගමැතිවරයා පසුගිය ඉරිදා ලන්ඩන්හි ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කරනු ලැබිණි.
අගමැතිවරයාගේ වෛද්‍ය කණ්ඩායම විසින් ඔහුට ඉතා විශිෂ්ට අයුරින් ප්‍රතිකාර කරන බව ඔහුගේ ප්‍රකාශකයා සඳහන් කළ බව බීබීසී පුවත් සේවය පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පළමුවරට තහවුරු කර ගනු ලැබුවේ පසුගිය මාර්තු 27වැනිදාය.
No comments:
Post a Comment