සුලමුල හෙළි වුණේ මිනුවන්ගොඩ පොලිසියෙන් ඇල්ලූ කුඩු ග‍්‍රෑම් පහෙන්
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් කෝටි සියයක පමණ වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු කිලෝ ග‍්‍රෑම් සියයක තොගයක් ඩුබායිහි සිටින මත්කුඩු ජාවාරම්කරුවකුට අලෙවි කළ බව කියන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පිළිබ`ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව රාජ්‍ය බුද්ධි සේවයද මේ පිළිබඳ විමර්ශනයක් අරඹා ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් කණ්ඩායමක් දකුණු පළාතේ සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් තොගයකින් කොටසක් වෙනත් වැටලීම් කණ්ඩායමක පිරිසක් විසින් මෙසේ අලෙවි කර ඇති බවද සදහන් වේ.
මීට දෙසතියකට පමණ ඉහතදී මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ආර්.ඒ.ඞී. රොහාන් මහේෂ් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේදී මත්කුඩු ග‍්‍රෑම් පහක් සමග චමින්ද දයා පි‍්‍රයාන් නොහොත් ටයිල් චමින්ද නමැත්තකු අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව ඔහුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී රිපීටර් වර්ගයේ ගිනිඅවියක්ද සොයා ගැනීමට මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් සමත් වූ අතර වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී ටයිල් චමින්දට අයත් දිවුලපිටිය ප‍්‍රදේශයේ පෞද්ගලික බැංකුවක තිබූ ගිණුමක් හරහා රුපියල් කෝටි ගණනින් මුදල් හුවමාරු වී ඇති බවද පොලිසිය අනාවරණය කරගනු ලැබීය.
මේ අතරේ මෙම මත්කුඩු තොගය අලෙවි කළ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම් කණ්ඩායමේ ප‍්‍රධානියා ප‍්‍රශ්න කරන මුවාවෙන් ටයිල් චමින්ද හමුවීමට මිනුවන්ගොඩ පොලිසියට ගොස් ඇත. මොහු පසුගිය කාලයේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම් රාශියකට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයෙකි.
එසේ ගිය ඔහු ‘උඹට සුදුපාට වෑන් එකකින් කුඩු කිලෝ සීයක් ආවා. ඉතිරි බඩු කොහේ’දැයි ඔහුගෙන් විමසා ඇත.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියා එසේ විමසීමත් සම`ග පුදුමයට පත්වූ ටයිල් චමින්ද මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියා දෙස බලා ‘ආ සර් සර්ලා නේද එදා බඩු අරගෙන ආවේ?’ යැයි එක්වරම විමසා තිබේ.
එසේ විමසීමත් සමග කලබලයට පත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියා මිනුවන්ගොඩ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර දෙදිනක් පුරා ර`දවාගෙන ඇතැයි යනුවෙන් සටහනක් යොදා පොලිසියෙන් පිටව ගොස් ඇත.
එහි යටි අරමුණ ඉදිරි අධිකරණ කි‍්‍රයාදාමවලදී ටයිල් චමින්ද නමැත්තා නීතියෙන් ගලවා ගැනීම විය හැකි බවද පොලිසිය සැක කරයි.
මෙම සිද්ධියෙන් අනතුරුව නිල වශයෙන් මිනුවන්ගොඩ පොලිසියට පැමිණි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ටයිල් චමින්දගෙන් ප‍්‍රශ්න කර ඇති අතර, එහිදී ඔහු සන්තකයේ තිබී පොලිසියට හමු වූ ජංගම දුරකථනයක් පරීක්‍ෂා කළ නිලධාරීන් ටයිල් චමින්දගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ මීගමුව ප‍්‍රදේශයේ නිවසක් වටලා හෙරොයින් මත්කුඩු කිලෝ ග‍්‍රෑම් හයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීම්වලදී තවත් විශාල මත්කුඩු තොගයක් ඔහුගේ ඥාති සොහොයුරකුගේ නිවසේ ස`ගවා ඇති බව පවසා තිබේ. ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අදාළ නිවස වැටලූ අවස්ථාවේ වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු අදාළ මත්කුඩු තොගය රැුගෙන ගිය බව එම නිවසේ සිටි පුද්ගලයකු ස`දහන් කර ඇත.
පසුව නිවසේ තිබූ සීසීටීවී දර්ශන පරීක්‍ෂා කිරීමේදී අදාළ වෑන් රථයේ අංකය හ`දුනා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
ඒ ඔස්සේ සිදු කළ විමර්ශනවලදී වැගන් ආර් වර්ගයේ අදාළ වෑන් රථය වත්තල ප‍්‍රදේශයේ කුලියට මෝටර් රථ ලබාදෙන ස්ථානයක තිබූ රථයක් බවට හ`දුනා ගත් ඔවුන් එහි ගොස් සිදු කළ පරීක්‍ෂා කිරීම්වලදී මසකට රුපියල් ලක්‍ෂයක මුදලක් ගෙවීමේ පදනම මත එම වෑන් රථය ලබාගෙන තිබී ඇත්තේ මුලින්ම මිනුවන්ගොඩ පොලිසියට ගොස් ටයිල් චමින්ද හමු වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියා බවට හ`දුනාගෙන තිබේ.
රට තුළ කොරෝනා ව්‍යාප්තිය සිදු වූ කාලයේ දැනට ඩුබායිහි සිටින මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු වූ ගිහාන් ෆොන්සේකා නමැත්තකු විසින් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ටයිල් චමින්ද අමතා ‘මහත්තුරු ටිකක් බඩු වගයක් ගෙනත් දෙයි. ඒක ගනින්’ යැයි ස`දහන් කර ඇත.
ඒ අනුව මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පොල්වත්තකදී වැගන් ආර් රථයකින් පැමිණි පිරිසක් අදාළ මත්කුඩු තොගය ටයිල් චමින්දට ලබාදී ඇතැයිද මේ වන විට අනාවරණය වී තිබේ.
මෙම ගිහාන් නමැත්තාගේ ඥාති සහෝදරයකු වන පින්තු නමැත්තකු මීගමුව බන්ධනාගාරයේ ර`දවා සිටින අතර ඔහුද මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග ස`දහන් කරයි.
මෙම මත්කුඩු තොගය අලෙවි කළ බව කියන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හයදෙනකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මේ වනවිට එක් නිලධාරියකුගෙන් ප‍්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු මෙම නිලධාරීන් පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත. පසුව පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මේ පිළිබඳව විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇත.
සමන් ගමගේ, හේමන්ත රන්දුණු සහ මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
-Divaina
Thursday, June 25, 2020
නාකොටික් සෙට් එකක් කෝටි 100ක කුඩු ඩුබායිවලට විකුණලා.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment