පැය 24ක් තුල අකුණු ගැසීම් වලින් ඉන්දියාවේ පුද්ගලයින් 83ක් ජිවිතක්ෂයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, June 25, 2020

පැය 24ක් තුල අකුණු ගැසීම් වලින් ඉන්දියාවේ පුද්ගලයින් 83ක් ජිවිතක්ෂයට

කුණු ගැසීම් හේතුවෙන් පුද්ගලයින් 80 කට අධික පිරිසක් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් හි ස්ථාන කිහිපයකදී ඇතිවූ අකුණු ගැසීම් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 83ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

සිදුව ඇති ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් තමන් මහත් කම්පාවට පත්ව සිටින බවත් විපතට පත්වූ ජනතාවට ප්‍රාන්ත බලධාරින් සහන සැලසීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.


No comments:

Post a Comment

Post Bottom Ad