ජේලර්ගේ ගාණ ලක්ෂ 5යි - බන්ධනාගාරය ඇතුලට ජංගම දුරකථන යන හැටි මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 2, 2020

ජේලර්ගේ ගාණ ලක්ෂ 5යි - බන්ධනාගාරය ඇතුලට ජංගම දුරකථන යන හැටි මෙන්න

රුපියල් ලක්ෂ 5ක (500,000) මුදලක් ඇතැම් ජේලර්වරුන්ට ලබා දීමෙන් පසු සමහර සිරකරුවන්ට ජංගම දුරකථනයක් බන්ධනාගාර තුළට ගෙන යා හැකි බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලධාරියකු මාධ්‍ය වෙත ප්‍රකාශ තර තිබේ.

මෙරට දිනපතා ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කර ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටින ඇතමුන් ජංගම දුරකථන භාවිතා කරමින් බන්ධනාගාරවල බිත්ති ඇතුළත සිට නීති විරෝධී ව්‍යාපාර කටයුතු කරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ එම ප්‍රකාශකයා අනාවරණය කළ බවකි.
හෙරොයින් ග්‍රෑම් 10 ක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත මෙම වසර මුලදී වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර පොලීසිය පැවසුවේ පාතාල පුද්ගලයින් සමඟ සම්බන්ධතා ඇති බන්ධනාගාර නිලධාරීන් ගණනාවක් පිළිබඳව ඔවුන් විමසිල්ලෙන් සිටින බවයි.

සමහර සිරකරුවන් එවැනි දුරකථන භාවිතා කරමින් විදේශයන්හි සිටින්නන් සමගද සම්බන්ධතා පවත්වන බව එම නිලධාරියා සදහන් කර ඇත.

එවැනි සිදුවීම් හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් පස් දෙනෙකු වැලිකඩ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බව පෙන්වා දී ඇති එම නිලධාරියා බන්ධනාගාරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සාමාජිකයින් බන්ධනාගාර නිලධාරීන්ගේ අනුදැනුම මත ඔවුන්ගේ සිරකුටිවල සිට වෙළඳාමේ නිරත වන බවද පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad