අනියම් පේ‍්‍රමයක් ගැන සංවේදී කතාවක්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 21, 2020

අනියම් පේ‍්‍රමයක් ගැන සංවේදී කතාවක්.


නටාෂා කොළඹ ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. පියා ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි. ධනවත් පවුලක හැදී වැඩුණු නිසා ඇයගේ ජීවිතයේ කිසිදු අඩුපාඩුවක් නොතිබුණි. තවද පවුලේ එකම දියණිය නිසා නිවැසියන්ගේ විශේෂ සැලකිලිද ඇයට හිමි වූවාය.

 එලෙසම නටාෂා ඉතාම රූමත් තරුණියකි. ඉන පෙදෙස දක්වා විහිදුණු දිගුවන් වරලස, පුලූළුකුල, රන්වන් පැහැති සිහින් සිරුර සහ වටකුරු මුහුණේ නිරතුරුවම රැඳී තිබුණ සිනහව නටාෂාට ගෙන දුන්නේ අමුතුම සුන්දරත්වයකි. දුටුවන් වරක් නොව සිය දහස්වරක් ඇය දෙස බලන්නේ නටාෂා සුරංගනාවියකටත් වඩා පියකරු බැවින්ය.

 නටාෂාගේ ලස්සන නිසා විවිධ තරාතිරමේ තරුණයන්ගෙන් ඇයට ගැලවුමක් නැති විය. ආදර යෝජනා නන් අයුරින් ගලා එන්නට පටන් ගත්තාය. එහෙත් ඇය ඒ කිසිවකටත් ප‍්‍රතිචාර දැක්වූයේ නැත. ඇයගේ සිතේ මැවී තිබුණ ඒ පේ‍්‍රමවන්තයා තවමත් ඇයට හමුවූයේ නැත.

 ධනුක කඩවසම් තරුණයෙකි. එමෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකි. පදිංචිය කළුතර ප‍්‍රදේශයේය. ඔහු ව්‍යාපාර ලෙස කරගෙන ගියේ සත්ත්ව ගොවිපළවල්ය.

 දිනක් ධනුක කොළඹ තරු පහේ හෝටලයක උපන් දින සාදයකට සහාභාගි විය. ඒ තවත් එක්තරා ව්‍යාපාරිකයකුගේ දියණියකගේය. එම සාදයට නටාෂා ඇතුළු පවුලේ සියලූ දෙනාද පැමිණ සිටියහ.

 ධනුක පළමුවරට නටාෂාව දුටුවේ එම අවස්ථාවේදීය. දුටු පළමුවරම ඇය කෙරෙහි අමුතුම හැ`ගීමක් ඔහුගේ සිතේ ඇතිවිය. තරුණියන් කෙරෙහි වැඩි කැමැත්තක් නොදැක්වූ ඔහු මෙම තරුණිය කෙරෙහි එක්වරම සිත ගියේ කෙළෙස දැයි කියා කල්පනා කළේය. අවසානයේ ‘‘මැය මගේ කරගන්නට ඇත්නම්’’ යැයි ධනුක සිතුවේය. එලෙස සිතා ඔහු ළ`ග සිටි මිතුරකුගෙන් මෙලෙස විමසුවේය.

 ‘‘අමල් කවුද අර රතු පාට ගවුමක් ඇ`දන් ඉන්න ගර්ල්.’’

 ‘‘ඇයි අහන්නේ.’’

 ‘‘නැහැ එයා මාර ලස්සනයිනේ. බලන්නකෝ හිනාවෙන කොට තියෙන සිරියාව.’’

 ‘‘ ඉතින් මට මොකද කියන්නේ... මමත් දැක්කා ඒ බව.’’

 ‘‘නැහැ... නැහැ මම කියන්නේ කවුද ඒ ගර්ල්. උඹ දන්නවද?’’

 ‘‘ කෙල්ලෝ ගැන හොයන්නැති උඹ ඇයි එයා ගැන හොයන්නේ. හිතක්වත් පහළ වුණාද?’’

 ‘‘අනේ මේ පිස්සු දොඩවන් නැතිව කියපන් දන්නවද ඒ කවුද කියලා.’’

 ‘‘ ඔය පෙරේරා අංකල්ගෙ දුව. තාත්තා හො`ද බිස්නස්මන්. පවුලේ එකම දුව. මම දන්න තුන් හතර දෙනෙකුත් යාලූවෙන්න හැදුවා. ඒත් හරි ගියේ නැහැ. දන්න විදිහට කා එක්කවත් යාලූවෙලා නැහැ. පුළුවන්නම් උත්සාහ කරලා බලපන්.’’

 ‘‘ අනේ උඹ එයාව දන්නවනම් මට අ`දුන්වලා දීපන්කො.’’

 ‘‘හරි යමන් ඒ කිට්ටුවට මම අ`දුන්වලා දෙන්නම්.’’

 ඒ අනුව දෙදෙනා නටාෂා සිටින ස්ථානයට ගියහ. එලෙස ගොස් අමල් ඇයට මෙලෙස පැවසුවේය.

 ‘‘නංගී මේ ධනුක. බිස්නස්මන් කෙනෙක්. ඔයාව හ`දුනගන්න කැමතිලූ.’’

 ‘‘ එහෙමද?’’

 ‘‘ ඕව් නංගි.’’

 ඉන් පසු ධනුක ඇය සමග කතා කළේය.

 ‘‘ හෙලෝ නංගි මම ධනුක.’’

 ‘‘ මම නටාෂා,’’

 එතැනින් ඇරඹුණ කතාව පැය ගණනක් යන තුරු ඔවුහු කතා කළහ. අවසානයේ ඔවුන් දෙදෙනා වෙන් වූයේ ජංගම දුරකථන අංකද හුවමාරු කර ගනිමින්ය.

 එදින ධනුකට නිදි නොමැති රැයක් විය. යහනේදී පවා කල්පනා කර සිටියේ නටාෂා ගැනයි.

 නටාෂාද වෙන පිරිමින්ගෙන් නොදුටු විශේෂිත දෙයක් ධනුකගෙන් දුටුවාය. ඇයගේ සිතේද ඔහු ගැන යම් දෙයක් සිතුවම් වෙමින් තිබුණි.

 කාලය එලෙස මාසයක් පමණ ගත විය. ඒ අතරතුර දෙදෙනාම නොදැනුවත්වම පෙම්වතුන් බවට පත්වූහ. එතැන් සිට ධනුකගේ ජීවිතය නටාෂාත්, නටාෂාගේ ජීවිතය ධනුකත් බවට පත්විය.

 වැඩි කලක් නොගොස් දෙදෙනා තම පේ‍්‍රම සම්බන්ධතාවය නිවැසියන්ට පැවසුවේය. දෙපාර්ශ්වයෙන්ම පවුල්වල තොරතුරු සොයා බැලූහ. කියන්න කිසිම වරදක් නොමැත. තකට තක මෙන් පවුල් දෙක ගැලපුනහ.

 ඒ වන විට නටාෂාට වයස අවුරුදු 21 කි. ධනුකට 23 කි. වැඩිහිටියන්ගේ ආශිර්වාද මැද දෙදනාගේ විවාහ උත්සවය තරුපහේ හෝටලයක අති උත්කර්ෂවක් අයුරින් විවාහ පැවැත්විණි.

 එදින මංගල රාත‍්‍රිය ගත කිරීම ස`දහා ඔහුන් තෝරාගෙන තිබුණේ කොළඹ ප‍්‍රදේශයේම තරුපහේ හෝටලයකි.

 විවාහ උත්සවයේ වැඩකටයුතු අවසන් වූ පසු මනාල යුවළ අදාළ හෝටලය වෙත පැමිණියහ. නටාෂා තනියම පිරිමියකු සමග සිටින පළවෙනි රාත‍්‍රිය එය විය. ඇයගේ සිතට යම් බියක් සහ ලැජ්ජාවක්ද දැනුණි. එහෙත් සිටින්නේ තම ස්වාමි පුරුෂයා ළ`ග නිසා එම බිය සහ ලැජ්ජාව නැතිකර ගත්තාය.

 තවත් මොහොතකින් වසර විසි එකක් තිස්සේ තමන් රැකගත් ඒ පතිවත සිය ආදරණීය ස්වාමියාට පුදදීමට ඇය සූදානමින් සිටියාය. ධනුකද ඇය ළ`ගට පැමිණියේය. දෙදනා ආදරයෙන් සිප වැළ`ද ගත්හ. නටාෂා තම පතිවත ඇයට පුදදීමට සූදානමින් සිටියාය. එහෙත් ධනුක ඒ ගැන තැකීමක් නොකළේය. විනාඩි කිහිපයක් ඇයව ආදරයෙන් සිප වැළ`දගෙන ‘‘අපිට දැන් මහන්සියිනේ ඒක නිසා නිදා ගමු යැයි’’ පැවසුවේය.

 නටාෂා එක්වරම තුෂ්ණිම්භූත විය. ඇය ඒ වන විටත් සිටියේ රාගාන්විත හැ`ගිම්වලින් යුක්තවයි. එහෙත් ඇයගේ එම හැ`ගීම් අවුස්සා තම ස්වාමියා නින්දට වැටුනේය. ඇය ඔහුව එම නින්දෙන් ගලවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූවාය. තම සැමියාගෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොමැති තැන ඇයද අවසානයේ තම හැ`ගීම් පාලනය කර ගනිමින් නින්දට සැරසුණාය.

 දෙවැනි දිනයද එසේමය. ධනුක ඇය සිප ගන්නවා පමණි. ඇයට මෙය මහත් ප‍්‍රහේළිකාවක් විය. ඔහුගෙන් ඒ පිළිබ`දව විමසුවද නිසි පිළිතුරක් නොලැබුණි. මෙය කිසිවකුටත් කියන්නට ද බැරිය. එම නිසා ඇය වසර ගණනක් තම හැ`ගීම් පාලනය කරගෙන සිටියාය. පසුව ඇයට හෙළිවූයේ ධනුක කාන්තාවන්ට කැමැත්තක් නොදක්වන බවයි.

 වසර කිහිපයක් එලෙස ගත විය. ඒ වන විට ඔහුන් දෙදෙනා පදිංචිව සිටියේ මොරගහහේන ප‍්‍රදේශයේය. ධනුක කලක සිට විදේස්ගත ව්‍යාපාරයක් කිරීමට සැලසුම් කරගෙන සිටියේය. එය සාර්ථක විය. එම නිසා ඔහු තම බිරි`දව නිවසේ තනිකර විදෙස්ගත විය. ඒ ඇයගේ ආරක්ෂාවට මිත්තණියක්ද එහි ර`දවා තබාය.

 ධනුක විදෙස්ගතවී මාස කිහිපයක් ගත විය. ඒ අතර නටාෂාට ෆේස්බුක් හරහා කඩවසම් තරුණයකු කෙටි පණිවිඩ එවමින් සිටියේය. ඔහුද ව්‍යාපාරිකයෙකි. සති කිහිපයකින් දෙදනො අතර දැඩි ලෙන්ගතුකමක් ගොඩනැ`ගුණි. ඉන්පසු නොදැනීම දෙදෙනා අතර අනියම් ආදරයක් ගොඩනැ`ගුණි.

 තම ස්වාමියාගෙන් නොලද පහස ඇය ඔහුගෙන් ලැබුවේය. කිසිදු බියකින් සැකයකින් තොරව ඇය තම පතිවත අනියම් සැමියාට පුද කළාය. දැන් ඇයගේ ජීවිතය තෘප්තිමත්ය. ඒ රාගය සහ ආදරය ඇයට ඕනෑවටත් වඩා අනියම් පෙම්වතාගෙන් ලැබෙන නිසාය.

 කලක් එලෙස ගතවිය. ධනුක යළි මෙරටට පැමිණියේය. ඒ සමගම නටාෂාගේ අනියම් පෙම්වතා ඇය මගහැර පළා ගියේය. ඇයට ඒ දුක දරා ගැනීමට නොහැකි වූවාය. සතර අතේ ඇය අනියම් පෙම්වතා සෙව්වාය. එහෙත් ඇයට ඔහුව සොයා ගැනීමට නොහැකි වූවාය. අවසානයේ සිදුවූ සියල්ල ඇය තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට පැවසුවාය. ඔහුද ඇයගේ අනියම් පෙම්වතා සෙව්වේය. එයද අසාර්ථක විය. අවසානයේ ඔවුන් දෙදෙනා පොලිසියේ සහාය පැතීමට තීරණය කළේය.

 ධනුක සහ නටාෂා මොරගහේන පොලිසියට ගොස් මේ පිළිබ`දව පැමිණිලි කළහ. ඒ අනුව එම නිලධාරීහු පරීක්‍ෂණ පවත්වා නටාෂාගේ අනියම් පෙම්වතාවද පොලිසියට ගෙන්වා ගත්හ. එහිදී නටාෂා පැවසුවේ මාසයකට හරි වරක් තමාට අනියම් පෙම්වතා සමග අඹුසැමියන් ලෙස සිටීමට අවශ්‍ය බවයි.

 අවසානයේ ධනුක සත්‍ය තේරුම් ගත්තේය. තමන්ගෙන් නොලැබෙන සතුටක් ඇයට අනියම් පෙම්වතාගෙන් ලැබෙන බවත් කිසි දිනක ඔහුට එය ලබාදිය නොහැකි බව ධනුක තේරුම් ගත්තේය. එම නිසා නටාෂාගෙන් දික්කසාද වීමට ඔහු තීරණය කළේය. ඒ සමගම අනියම් පෙම්වතා නටාෂා විවාහ කර ගැනීමටද කැමති විය.
-Sunday Divaina.

No comments:

Post a Comment

Post Bottom Ad