ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල තරඟ පාවාදීම සම්බන්ධයෙන් ඉහළ අත්දැකීම් ඇත්තෙකු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ඉඟි කර ඇත.
තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ක‍්‍රිකට් නායකයා පෙන්වා දී ඇත්තේ තිලංග සුමතිපාල මහතා අදාල විෂය කරුණු සම්බන්ධයෙන් ඉහළ අත්දැකීම් ඇත්තෙක් බවයි.
එනිසා ඉදිරියේදී තොප්පි දාගැනීමට හෝ ප‍්‍රතිචාර දැක්වීමට පෙර ඔහු සමග අදාල කරුණු පරීක්ෂා කරන බව මහේල ජයවර්ධන සදහන් කර ඇත.
2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදීමකට ලක් වූයේ යයි ඇතිව තිබෙන සාකච්චාව ගැන අදහස් පල කරමින් තිලංග සුමතිපාල මහතා මෑතකදී කියා සිටියේ එම ප‍්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩකයන් කලබල වී ප්‍රකාශ දැක්වීමට යෑමෙන් අනවශ්‍ය තොප්පියක් දා ගැනීමක් හා සමාන වනු ඇති බවයි.
ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු නායක මහේල ජයවර්ධන මහතා මේ බව සඳහන් කර තිබේ.
Sunday, June 21, 2020
මහේලගෙන් දරුණු ප‍්‍රතිචාරයක්.. තරග පාවාදෙන්නා තිලංග සුමතිපාල යයි ඉගි කරයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment