කෝටි ගාණක් දෙන්නම් කියා රාජපක්‍ෂලා මට කතා කලා - මනෝ ගනේෂන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, June 21, 2020

කෝටි ගාණක් දෙන්නම් කියා රාජපක්‍ෂලා මට කතා කලා - මනෝ ගනේෂන්

වීට වගේම රනිල්ටත් ලැජජාවක් නැහැ යයි දෙමළ ප‍්‍රගතිශිලි සන්ධානය නායක මනෝ ගනේෂන් මහතා පවසයි

ඔහු මේ බව පැවසුවේ එම පක්‍ෂයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක් කර ගැනීමට රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කිරීම පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

‘එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාව මෙහෙවන මහ බැංක හොරාට ලැජජාවක් නැති බව මුලූ රටම දන්නවා. අද කණගාටුවෙන් වුවත් කියන්න සිදු වෙනවා රනිල් වික‍්‍රමසිංහ මහතාටත් ලැජ්ජාවක් නැති බව. එය තමයි තිත්ත ඇත්ත.

මගේ පක්ෂයෙන් නෙරපනු ලැබු පුද්ගලයින්ව සිරිකොතට කැදවල අපේ පක්ෂයේ සාමාජිකයින් පක්ෂයෙන් ඉවත් වෙලා එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇති බවට ප‍්‍රචාරය කරනවා . ඔවුන් සමග මල්මාලා දමා ඡුායාරූප ගෙන එවා පළ කරමින් සිටිනවා. එය ඉතාම ලැජජා සහගත කටයුත්තක්.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙය දැන ගත යුතුයි. මහ බැංකු හොරා වික‍්‍රමසිංහ මහතා ළගට කැදවාගෙන ආ කල්ලිය කවරෙක්ද යන්න දැනගත යුතුයි. අද මගේ පක්ෂයෙන් ආවා යැයි ඔබ ළගට පැමිණි පිරිස මිට වසරකට කළින් මගේ පක්ෂයෙන් නෙරපු අයයි. .ඔවුන් පක්ෂය විනය කඩ කළ අයයි . කසිප්පුකාරයෝයි.

එතැන තව අයෙක් ඉන්නවා. 2018 වසරේදි රාජපක්ෂ ආණ්ඩුව පැවති ආණ්ඩුව අවුල් කළ අවස්ථාවේදි රාජපක්ෂලා වෙනුවෙන් මට කතා කරල කෝටි ගණන් දෙන්නම් කිව්වා ඒ පැත්තට එන්න කියල.. නමුත් අපි ඒ යෝජනා ප‍්‍රතික්ෂේප කළා. අපි එදා සෘජුව ඉදලා අපේ ආණ්ඩුව ආරක්ෂා කළා. එදා අපි විතරක් නොවෙයි එවක ආණ්ඩුවේ අගමැති වක‍්‍රමසිංහ මහතාගේ තනතුරත් ආරක්ෂා වුණා. එය වික‍්‍රමසිංහ මහතා දැනගතයුතුයි. තවත් අයෙක් සිටිනවා . ඔහු කොළඹ නගරයේ ජනතාවට නිවාස ඉදි කරදිමේ ව්‍යපෘතියකදි එක් නිවාසක් දෙදෙනකුට විකූණා තිබෙනවා. අදාළ පුද්ගලයාට චෝදනා තිබෙනවා. ඔහුට විරුද්ධව දුෂණ වංචා පිළිබද පොලිසියේ පැමිණිල්ලක් දමා තිබෙනවා. එම පැමිණිල්ලට අනුව ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කෙරෙැණා. එම නඩුවේ තීන්දුව අනුව ඔහු කළ මුදල් වංචාව සම්බන්ධයෙන් කෝටි පහක් අදාළ පුද්ගලයින්ට ගෙවිය යුතුයි. එයින් කෝටියක් ඔහු ගෙවා තිබෙනවා. ඉතිරි මුදල් ඔහු ගෙවිය යුතුයි. ඉතිරි ගෙවීම් සිදු කිරීමට අදාළව ඔහු කල් ඉල්ලා තිබෙනවා. ඔහු ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙක්. මෙවැනි පුද්ගලයෝ තමයි මහ බැංකු හොරා රනිල් වික‍්‍රමසිංහ මහතා ළගට කැදවාගෙන පැමිණ තිබෙන්නේ.

මෙහිදි විහිලූ සහගත කාරණය වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් මට විරුද්ධව අපෙක්ෂක ලැස්තුවට ඇතුළත් කර තිබෙන්නෙත් මේ පුද්ගලයාමයි. වික‍්‍රමසිංහ මහතා මේ කාරණය දන්නවාදැයි මම දන්නේ නැහැ.දන්නේ නැත්නම් මහ බැංකු හොරාගෙන් අහගන්න.මේ මහබැංකු හොරා තමයි දැන් එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ. ඔහු තමයි යහපාලන ආණ්ඩුවත් අපත් විනාශ කළේ. එය මුලූ රටම දන්නවා. රටේම එක්සත් ජාතික පාර්ශිකයෝ දන්නවා. එය වික‍්‍රමසිංහ මහතා නොදැන සිටීම පිළිබදව මම කණගාටු වෙනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ කාගෙවත් පුද්ගලික දේපොලක් නොවෙයි. රටට නිදහස ලබාදුන් පක්ෂය. රට තුළ ජීවත් වෙන සිංහල දෙමළ මුස්ලීම් ජනයා එක් කළ පක්ෂයයි. නිදහස ලබාදුන් ඞී එස් සේනානායක ,ඩඞ්ලි සේනානායක ,ජොන් කොතලාවල ,ජේ ආර් ජයවර්ධන, ආර් පේ‍්‍රමදාස ආදි නායකයින් පෝෂණය කළ පක්ෂයයි.එහෙත් අද රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය බින්දුවට වට්ටල තිබෙනවා.

– මාධ්‍ය අංශය


No comments:

Post a Comment

Post Bottom Ad