එලවලු තොගයකට භූමිතෙල් දමා විනාශ කළ බලංගොඩ නගර සභා සභාපතිවරයා - අශිෂ්ඨ ක්‍රියාවට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයන් නීතිය ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 10, 2020

එලවලු තොගයකට භූමිතෙල් දමා විනාශ කළ බලංගොඩ නගර සභා සභාපතිවරයා - අශිෂ්ඨ ක්‍රියාවට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයන් නීතිය ඉල්ලයි

ට පුරා ඇඳිරි නීතිය පනවා ජනතාවට ආහාර අත්‍යවශ්‍ය වී තිබෙනා මොහොතක එලවලු තොගයක් භූමිතෙල් දමා විනාශ කළ ප්‍රාදේශීය දේශපාලඥයෙකු පිළිබඳ වාර්තා වේ.

ඒ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් බලංගොඩ නගර සභා සභාපතිවරයා සභාපතිධූරය හොබවන චමික වැවේගෙදර විසිනි.
බණ්ඩාරවෙල සිට රත්නපුර දක්වා එලවලු අලෙවි කිරීමට ගිය අත්‍යවශ්‍ය සේවා ලොරි රථයක් රත්නපුර නගරයට පනවා තිබෙන පොලිස් ඇඳිරිනීතිය හේතුවෙන් බලංගොඩ නගරයේ සිටම එලවලු අලෙවි කරමින් සිට තිබේ.

මේ අවස්තාව කඩා වැදුනු බලංගොඩ නගර සභා සභාපති චමික වැවේගෙදර කිසිඳු දැනුම්දීමකින් තොරව ඔහු විසින්ම භූමි තෙල් හලා එම එලවලු විනාශ කර තිබේ.

ආහාර ද්‍රව්‍ය අත්‍යවශ්‍ය මෙවැනි මොහොතක එලවලු තොගයක් නැවත පාරිභෝජනය කළ නොහැකි ලෙසට විනාශ කර දැමීම ඉතා අශිෂ්ඨ ක්‍රියාවක් බවට චෝදනා එල්ල වෙමින් තිබේ. සමාජජාලා වල අදහස් දක්වමින් බොහෝ දෙනෙකු ප්‍රකාශ කර තිබුනේ නීතිය අතට ගැනීමත්, එලවලු විනාශ කිරීම සම්බන්ධයෙනුත් අදාල ප්‍රාදේශීය දේශපාලකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

මේ පිළිබඳ එලවලු වෙළඳුන් පවසන්නේ එම එලවලු තොගයට භූමි තෙල් නොදමා නගරයෙන් පිටව යන්නැයි ප්‍රකාශ කළා නම් එම එලවලු තොගය අවශ්‍යතාවක් තිබූ පුද්ගලයන්ට හෝ සතෙකුට ආහාර වශයෙන් දිය හැකිව තිබූ බවයි.

මෙම එලවලු තොගය විනාශ කර දැමීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවාදැයි තවමත් වාර්තා වී නෑ.

සැකකාර ප්‍රාදේශීය දේශපාලඥයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි සමාජජාලා ක්‍රියාකාරිකයන් ඉල්ලා තිබූ අයුරු,


No comments:

Post a Comment

Post Bottom Ad