රත්නපුරේ මැණික් මුදලාලිලා 18ක් නිරෝධායනයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 11, 2020

රත්නපුරේ මැණික් මුදලාලිලා 18ක් නිරෝධායනයට

රත්නපුර ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන් 18 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.

රත්නපුර ප්‍රදේශයේ කොරෝනා අසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ 05 දෙනෙකුට වෛරස වැළඳී ඇති බවට හෙළි වීමෙන් පසු මෙම පිරිස නිරෝධයට ලක් කර ඇත.


ඔවුන් සියලු දෙනා අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ අය සමීපව ආශ්‍රය කළ බවද කන්නන්ගර මහතා පැවසීය.

රත්නපුරෙන් කොරෝනා රෝගී පස්දෙනෙකු වාර්තාවීමත් සමඟ රත්නපුර හා පැල්මඩුල්ල ප්‍රදේශවල 85 දෙනෙකු නිරෝධායනට යොමුකර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad