මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික් උපාධිධාරීන් පොළොන්නරුව බුද්ධි මණ්ඩල ශ්‍රවණාගාරයට පසුගිය සතියේ රැසකර ඔවුන්ට ත්‍යාග හා සහතික පත්‍ර ලබාදීමට පියවර ගැනීම සහ මෙම මස 20 වැනි දින රාජ්‍ය විශ්‍රාමිකයන් පොලොන්නරුව පොලොන්නරුව අරලිය හෝටලයට කැඳවා ඔවුන්ට ආහාර පානාදිය සංග්‍රහ කිරීමට පියවර ගැනීම යන කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සෘජුවම මැදිහත් ව අතරව අතර මග නවතා දමන ලදී.
මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මැතිවරණ නීති කඩකරමින් ප්‍රදර්ශනය කර තිබු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව සහ මනාප අංක සහිත බැනර් හා කටවුට් විශාල ප්‍රමාණයක් පොලිසිය විසින් ඉවත් කිරීමට කටයුතු කළේය.
මැතිවරණයට ඉදිරිපත්ව සිටින විවිධ තරාතිරම්වලට අයත් අපේක්ෂකයින් අතර මේ රටේ භාරකරුවාව සිටි රාජ්‍යයේ නායකයා වශයෙන් කටයුතු කළ හිටපු විධායක බලතල ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස මැතිවරණ නීති කඩකිරීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණකි.
මේ සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් කර ඇත්තේ මැතිවරණ නිලධාරීන්ගෙන් තමන්ට මෙලෙස එල්ලවන බලපෑම් ගැන කනගාටු වන බවයි.
කෙසේවෙතත් මැතිවරණ නීතියට අනුව සංග්‍රහ කිරීම මැතිවරණයට ඉදිරිපත් වන යම් අපේක්ෂකයෙක් සිදුකරනවා නම් එය පවතින මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස සළකා මැතිවරණ නිලධාරීන් මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් කළ ඉහත කටයුතු නතර කර ඇත.

No comments:
Post a Comment