පාලිත තෙවරප්පෙරුම අපේක්ෂක ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

පාලිත තෙවරප්පෙරුම අපේක්ෂක ධූරයෙන් ඉල්ලා අස්වෙන බව ප්‍රකාශ කරයි


තමන්ට දිගින් දිගටම මෙම මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමගම පොලිස් නිලධාරීන්ගේ හිරිහැර කරදර සිදුවෙන බවත් තම බිරිඳ හා පුතුනුවන් එයින් ඉතා පීඩාවට පත්ව සිටින බවත් ඔවුන්ගේ ජීවිතවල වටිනාකම තේරුම් ගනිමින් මේ සියලු කටයුතු සිදු වන්නේ තමා දේශපාලනයේ නිරතව සිටින බැවින් තමා මෙවර එජාප අපේක්ෂකත්වය ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ඒ බව සහකාර මැතිවරණ කොමසාරිස්වරයා හමු වී සාකච්ඡා කරන බවත් අද දින කළුතර දී පැවසීය.

හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසුවේ තමා කිසි දිනක එජාපය සමග ගැටළුවක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ  ක්‍රියාකලාපයට විරුද්ධව මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ බවත් තමන්ට සිදුවන මෙම ගැහැට වලට හේතුව සමගි ජන බලවේගය වේ යැයි තමන්ට සිතෙන බවත් අද උදෑසන තමා එජාප නීති ලේකම්වරයා සමග ද සාකච්ඡා කළ බවත් ඒ අනුව මෙම තීරණය ගත්  බව පැවසීය.

ඊයේ රාත්‍රියේ තම පුතුගේ දානමය පිංකම වෙනුවෙන් සවිකර තිබූ ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පැමිණි මතුගම පොලීසියේ  නිලධාරීන් ගේ තල්ලු කිරීමට ලක්වූ තම බිරිඳ දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් එම සිද්ධිය පිළිබඳව කළුතර පොලිස් අධිකාරි තුමා වෙත පැමිණිලි කිරීමට පැමිණි අවස්ථාවේ මෙම ප්‍රකාශය සිදු කරන ලදී.

No comments:

Post a Comment

Post Bottom Ad