එක් හිටපු ඇමතිවරයෙක් තාම වාහනේ බාර දීලා නෑ - මැතිවරණ කොමිෂන් සභාව - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 7, 2020

එක් හිටපු ඇමතිවරයෙක් තාම වාහනේ බාර දීලා නෑ - මැතිවරණ කොමිෂන් සභාව


මැතිවරණ කොමිෂන් සභාව සහ අමාත්‍යාංශයවල නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ දී පැවැත්වුණා ඒ මැතිවරණ කොමිසන් සභාවේ දී.

 මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාවකදී අමාත්‍යංශ වල ාජ්‍ය දේපල අයුතු පරිහරණය කිරීම  සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වන බැවින් ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශවල අතිරේක ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණා.

ඒ අනුව සියලුම හිටපු මැති ඇමතිවරුන් තම වාහන බාරදී ඇති බවත් එක් ඇමතිවරයෙක් පමණක් එකම වාහනය භාරදී නොමැති බවත් මෙහිදී මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ්‍රකාශ කළා.

පසුගිය මැතිවරණයට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී ාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් පෙර වර්ෂයට සාපේක්ෂව විශාල වශයෙන් චෝදනා එල්ල වී නැති බව ද ඔහු ප්‍රකාශ කළා . ජූලි මස 13 වැනි දින යලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල කාර්ය මණ්ඩලය සඳහා තැපල් ජන්ද භාවිත කිරීමට අවස්ථා සලසා දීමටත් එසේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රී ලංකා පොලිසිය යුද හමුදාව වැනි ආයතන හැර අනෙකුත් රාජ්‍ය ආයතන වල 14 සහ 15 යන දෙදින තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙනවා.
ශ්‍රී ලංකා පොලිසිය යුද හමුදාව ිස්ත්‍රික් ලේකම් කාර්යාල තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ 16 සහ 17 යන දෙදින තුළ සිදු කෙරෙනවා ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයන්ට සඳහා ජුනි 20 සහ විසි එක් වෙනි දින සිදු කිරීමටත් හැකියාව පවතින බව මන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියා .

No comments:

Post a Comment

Post Bottom Ad