සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව : නිට්ටඹුව ඉඩමකට ඇතුළුවන්න ගිය පිරිසකට දැක්වූ විරෝධයේ සුලමුල එළියට - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝව : නිට්ටඹුව ඉඩමකට ඇතුළුවන්න ගිය පිරිසකට දැක්වූ විරෝධයේ සුලමුල එළියට - (video)

නිට්ටඹුව - කලල්පිටිය අක්කර 30ක පමණ ඉඩමකට, එම ඉඩම තමන්ගේ බව පවසමින් ඇතුළුවීමට ගිය පිරිසකට, එහි වසර ගණනාවක් තිස්සේ පදිංචිව සිටින පිරිසක් විරෝධය පළ කර තිබේ.

එහි අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් මේ වන විට  සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

කොල්ලුපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම ඉඩම තෑගි ඔප්පුවකින් දැන් පදිංචි පිරිසට ලබාදී ඇතැයි වාර්තා වුවද එම ව්‍යාපාරිකයා මියයාමෙන් පසු ඔහුගේ ඥාතියෙකු තමන් මෙහි නියම අයිතිකරු බවට නීතිමය අයිතිවාසිකම් කියන බවද සඳහන් වේ.

මෙම විරෝධය පළ කරන විට නිට්ටඹුව පොලිසියේ නිලධාරීන්ද එහි සිටි අතර මහජන සාමය කඩ කළැයි ඉඩමේ දැන් පදිංචි පවුලේ පුතා සහ පියා අත්තනගල්ල උසාවියට ඉදිරිපත් කර පෙරේදා  (26) රාත්‍රීයේ රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad