ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

ජෝර්දානයේ සිරවී සිටින ලාංකික ශ්‍රමිකයින් පිරිසකට කඳුළු ගෑස් ප්‍රහාරයක් - (video)

රැකියා අහිමි වී ජෝර්දානයේ සිරවී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිරිසකට එරට පොලීසිය විසින් කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වනවා.

මෙම පිරිසට රැකියා අහිමි වී ඇත්තේ කොරෝනා වසංගතය ව්‍යාප්තවීම හේතුවෙන්.

ඔවුන් ජෝර්දානයේ අල්කාරා කැමල්වෙගා කර්මාන්ත පුරයේ රැකියා අහිමි වී සිටින ශ‍්‍රී ලාංකිකයින් 500ක පමණ පිරිසක්.

එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය උද්ගත වී තිබෙනවා.

එහිදී තමන්ට නිසි විසදුමක් නොලැබුණු බවට අදාළ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් විරෝධය පළ කර ඇතැයි සඳහන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ එම ශ‍්‍රී ලාංකිකයින්ගේ ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad