ජනපති බල ගන්වමින් 20 පාර්ලිමේන්තුවට.. සහාය දෙන්න විපක්‍ෂ පිරිසක්ද එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

ජනපති බල ගන්වමින් 20 පාර්ලිමේන්තුවට.. සහාය දෙන්න විපක්‍ෂ පිරිසක්ද එයි

එළඹෙන සැප්තැම්බර් මස 03 වැනි සතියේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊට සහයෝගය දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද සූදානමින් සිටින බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
එම සංශෝධනය මගින් රජයේ උසස් තනතුරු වලට පුද්ගලයන් පත් කිරීමේ බලය ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයාට ලැබෙයි.

මැතිවරණ කොමිසන් සභාවේ සංයුතිය පස්දෙනකු දක්වා ඉහල නැවීමට මෙමගින් කටයුතු කර ඇත. දැනට සිටින්නේ එහි සාමාජිකයන් තුන් දෙනෙකි.

මෙම සංශෝධනයට අදාළ කෙටුම්පත සැප්තැම්බර් මස දෙවැනි දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

එසේ ඉදිරිපත් වන 20 වෙනි සංශෝධනයට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැනටමත් එකඟතාවය පළ කර ඇති බව සදහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad