ජනපති ආනවිලුන්දාව ගැන ඇමති සනත් නිශාන්තට අමතයි.. තම ඡන්ද දායකුගේ වැඩක් බවත් පරිසර හානියක් නැති බවත් ඇමති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, August 31, 2020

ජනපති ආනවිලුන්දාව ගැන ඇමති සනත් නිශාන්තට අමතයි.. තම ඡන්ද දායකුගේ වැඩක් බවත් පරිසර හානියක් නැති බවත් ඇමති කියයි

පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්ෂිතය වැනසීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගෙන් කරුණු විමසා තිබේ.

ආනමඩුවේ පැවති ජනහමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

තමන්ගේ නම නොකියා එල්ල කරන චෝදනාවන්ට උත්තරයක් දෙන්න උවමනා නැතැයි මුලින් සිතා සිටියද ජනාධිපතිතුමා මේ සම්බන්දයෙන් තමන්ගෙන් විමසූ බවත් ඔහු පැවසීය.

තමන් මෙම ක‍්‍රියාව සදහා වචනයක හෝ සම්බන්ධයක් නැති බවත් සම්බන්ධ නම් ඕනෑම දඬුවමකට යටත් වීමට සූදානම් බව ජනපතිට පැවසූ බවද ඔහු සඳහන් කළේය.

එම කටයුත්ත තමන්ගේ ප්‍රදේශයේ තමන්ගේ ඡන්ද දායකයකු විසින් කර ඇති කටයුත්තක් බවද මෙම කාර්යය මගින් රැම්සා තෙත් බිමට කිසිදු විනාශයක් සිදු වී නැති බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad