යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 26, 2020

යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි




විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනිමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


ඊයේ (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.


“ සමාජය තුළ විවිධ ප්‍රදේශවල විවිධ තැන්වල සමහරු මේ වන විට මුඛ ආවරණය පැළඳගෙන නොයෙන ආකාරයක් පවතිනවා. මම හිතන්නේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ් නැහැ කියන උපකල්පනය කරලා මං හිතන්නේ. 


කොවිඩ් ආසාදිතයින් සාමාජය තුළ නැති වුණත් රෝහල් ගතව සිටින බැවින් හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ දී කොවිඩ් ආසාදිතයින් පැමිණෙන නිසා, සමාජයේ සෑම පුද්ගලයෙකුගේ ම වගකීමක් වෙනවා තමන් කොවිඩ් නොවීමට රැකබලා ගැනීම. 


ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටිනවා, සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් අනුව ඉදිරියටත් කටයුතු කරන්න කියලා. “ යනුවෙන් මෙහිදී යුද හමුදාපතිවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad