පැහැරගත් බව කියන වේදිනිගම හිමියන් කොළඹ මාධ්‍ය හමුවක - සියල්ල හෙළිකරයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, August 26, 2020

පැහැරගත් බව කියන වේදිනිගම හිමියන් කොළඹ මාධ්‍ය හමුවක - සියල්ල හෙළිකරයි - (video)

තමන් වහන්සේව කිසිවෙකු විසින් හෝ පැහැරගෙන නොමැති බවත් මැතිවරණ කොමිසම මන්ත්‍රී ධුරය සම්බන්ධ කාරණාව නිරාකරණය කරන තෙක් බලාසිටින බවත් අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පැවසූවේ ඊයේ (26) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

කෙසේවෙතත් උන්වහසේගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ඊයේ දිනයේත් පැමිණිලි කරසිටියේ වේදිනිගම හිමියන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ අනුදැනුම මත රඳවාගෙන ඇති බවය.

අතුරුදන්ව සිටින බව පැවසෙන අපේ ජන බල පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් ඇතැයි සිදුකළ පැමිණිල්ලෙහි පරීක්ෂණ කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳව විමසීම සඳහා උන්වහන්සේගේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය හුණුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ඊයේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.

අනතුරුව පූජ්‍ය හුනුපිටියේ චන්ද්‍රසිරි හිමියන් ඇතුලු පිරිස පැමිණියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හමුවීම සඳහාය.

මෙවන් පසුබිමක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අපේ ජන බල පක්ෂයට හිමි ආසනය අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad