රුවන් විජේවර්ධන මහතාට එජාප නායකත්වය ලබා දෙන්නේ නම් තමන්ට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අවශ්‍ය යැයි යන ස්ථාවරයේ පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිටින බව දැනගන්නට තිබේ.
කාරියවසම් මහතා මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව ද දැනුවත් කොට තිබේ.
පුරා වසර 19ක් පාර්ලිමේන්තුව නියෝජනය කළ කාරියවසම් මහතා මේ වන විට පක්ෂ නායකත්ව සටනෙන් ඉවත්ව සිටියි.
තමා තමාගේ නම එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කරන බවට කාරියවසම් මහතා මිට ටික දිනකට පෙර වික්‍රසිංහ මහතාට තර්ජනය ද කොට තිබිණි.
තමාගේ අනුදැනුමකින් තොරව මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පත් නොකරන ලෙස වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දුන්නේ මේ හේතුව නිසාය.
දේශපාලනික හා සංවේදී පෞද්ගලික කරුණු කිහිපයක් මුල් කොට ගෙන වික්‍රමසිංහ හා කාරියවසම් මහත්වරුන් අතර එතරම් කිට්ටු සබදතාවයක් මේ වන විට නොමැති බවද දැන ගන්නට තිබේ.
-asianmirror
Monday, August 31, 2020
රුවන්ට නායකකම දෙනවා නම් මට ජාතික ලැයිස්තුව ඕනේ - අකිල රනිල්ට දැනුම් දීලා
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment