ගුරු සහයකවරුන් පිරිසක් සේවය ස්ථිර කරන ලෙස බලකරමින් නුවරඑලිය නගරයේ උද්ඝෝෂනයක - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 27, 2020

ගුරු සහයකවරුන් පිරිසක් සේවය ස්ථිර කරන ලෙස බලකරමින් නුවරඑලිය නගරයේ උද්ඝෝෂනයක


මධ්‍යම පලාත් සභාව විසින් 2015 වසරේ වතුකරයේ පාසල් වල අධ්‍යාපන කටයුතු සදහා බදවා ගත් ගුරු සහයකවරුන්ගේ සේවය ස්ථිර කරන ලෙස බලකරමින් සහයක ගුරුවරුන් පිරිසක් (27) දින නුවරඑලිය නගරයේ තැපැල් කාර්යයාලය ඉදිරිපිට උද්ඝෝෂනයක නිරත විය.

මධ්‍යම පලාතේ වතු පාසල් වල ගුරු පුරප්පාඩු පැවති නිසා රු හයදහසේ සහ රු දස දහසේ මාසික දිමනාවක් යටතේ මෙම ගුරු සහයකවරුන් වතුකරයේ පාසල් වල අනුයුක්ත කර තිබුණි.


එසේ අනුයුක්ත කර සිටි සහයක ගුරුවරුන් අතරින් ගුරුවරුන් කිහිප දෙනෙකු පමණක් මධ්‍යයම පලාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ වන විට සේවය ස්ථිර කර ඇති බවත් , තවත් විශාල පිරිසක් ස්ථිර කිරිමට ඇති බැවින් එම පිරිසද කඩනමින් ගුරු සේවයේ ස්ථිර පත්විම් ලබාදෙන ලෙස බල කරමිනුයි ගුරු සහයකවරු පිරිස උද්ඝෝණයේ නියැලුණේ.


No comments:

Post a Comment

Post Bottom Ad