රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලිට මන්ත්‍රී ආසනය අහිමි වූවහොත් පුරප්පාඩු මන්ත්‍රී ධුරය පිරවීමට කුසපත් ඇදීමක් සිදු කරන බව මැතිවරණ කොමිෂන් බව සඳහන් කරයි.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ මනාප ලයිස්තුව අනුව මීලගට සමාන මනාප ලබාගත් අපේක්ෂකයන් දෙදෙනකු සිටියි.
සනී රෝහණ කොඩිතුවක්කු හා රංජිත් බණ්ඩාර යන අපේක්‍ෂකයන් මෙවර මනාප ඡන්ද 53261 බැගින් ලබාගෙන ඇත.
ඔවුන්ගෙන් කෙනෙකු තෝරා ගැනීමට සිදු වූවොත් කුසපත් ඇදීමක් හෝ කාසියක් උඩ දැමීම සිදු කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු ඉතිහාසයේ මන්ත්‍රීවරයෙක් තෝරා ගැනීම සඳහා මෙතෙක් කුසපත් ඇදීමක් හෝ කාසි උඩ දැමීමක් සිදු කර නැත.
මරණ දඬුවම හිමි වීම හේතුවෙන් චොකා මල්ලිට පාර්ලිමේන්තු පැමිණීමට නොහැකි බව නීතිපතිවරයා දැනුම් දී ඇතත් කතානායකවරයා සඳහන් කර ඇත්තේ ඔහුට පාර්ලිමේන්තු පැමිණිමට හැකි බවයි.
Monday, August 31, 2020
Home
ප්රවෘත්ති
චොකා මල්ලි වෙනුවට එන අපේක්‍ෂකයන්ගේ මනාප සමානයි.. මන්ත‍්‍රී තෝරන්න කාසියක් උඩ දමනවා !
චොකා මල්ලි වෙනුවට එන අපේක්‍ෂකයන්ගේ මනාප සමානයි.. මන්ත‍්‍රී තෝරන්න කාසියක් උඩ දමනවා !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment