යලිත් රට තුල කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 30, 2020

යලිත් රට තුල කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් - විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර


රට තුළ නැවතත් කොරෝනා වෛරසය පැතිරී යාමේ ඉහළ අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙන්නේ දැනටමත් රට තුළ කොරෝනා ආසාදිතයන් තුන් දහස් ගණනක් වාර්තා වී ඇති නිසා ඔවුන්ගෙන් ආසාදනය වූ කිසිවකු ඕනෑම මොහොතක සමාජයෙන් මතු විය හැකි බවයි.

එමෙන්ම ඉන්දියානු ධීවරයන් හරහා ද ශ්‍රී ලාංකික ධීවරයන්ට ඉතා පහසුවෙන් මෙම වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බව ද ඔහු පැවසීය.

ඒ නිසා හැකිතාක් හැකි උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad