ටෙනිසන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා එද්දී අගමැතිගේ රිය අතරමග නැවැත්වූ උද්ඝෝෂකයන් - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 30, 2020

ටෙනිසන්ගේ දේහයට අවසන් ගෞරව දක්වා එද්දී අගමැතිගේ රිය අතරමග නැවැත්වූ උද්ඝෝෂකයන් - (video)

මොරටුව- රාවතාවත්ත මෙතෝදිස්ත විදුහලට මාස තුනකට පෙර පත් කරන ලද විදුහල්පතිවරයා මාරුකිරීම වළක්වන ලෙස ඉල්ලමින් එම විදුහලේ දෙමව්පියන් පිරිසක් ඊයේ (30) එම විදුහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වුණා.

එම අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, සිය රථය නවත්වා එම පිරිසගේ ඉල්ලීම ගැන අවධානය යොමු කළ අතර දෙමාපියන් අගමැතිවරයාට එහිදී සංදේශයක්ද භාර දුන්නා.

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේගේ දේහයට අවසන් ගෞරව දක්වා පැමිණෙමින් සිටියදීයි, අගමැති මහින්ද රාජපක්ෂ මහතාට මෙම පිරිස මුණ ගැසුනේ. 


No comments:

Post a Comment

Post Bottom Ad