මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට පනිනවා,අපිට නවත්වන්න බෑ.- කිරිඇල්ල හෙලි කරයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 23, 2020

මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ආණ්ඩුවට පනිනවා,අපිට නවත්වන්න බෑ.- කිරිඇල්ල හෙලි කරයි.

සමහර මුස්ලිම් දේශපාලකයන් දේශපාලන ව්‍යාපාරයක් කරගෙන ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

එම දේශපාලකයන් හැමවිටම පවතින ආණ්ඩුවට සම්බන්ධ වීම පුරුද්දක් කරගෙන ඇතැයිද ඔහු කියා සිටියි.

1989 වසරේ සිටම ඔවුන් කුමන පක්ෂයකින් මැතිවරණයට කළ ද ආණ්ඩුව නියෝජනය කළ බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි.

පවතින ආණ්ඩුවට එක් වීම සඳහා එම මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුට මැතිවරණය සඳහා මුදල් වියදම් කරන මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයන්ද බල කරන බවද ඔහු කියා සිටියේය.

එනිසා සමගි ජන බලවේගය සමග සිටින මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්වීමට තීරණයක් ගතහොත් තමන්ට කළ හැක්කේ එසේ නොකරන ලෙස ඉල්ලා සිටීම පමණක් බවත් එසේ හැර අන් කිසිවක් කිරීමට තමාට නොහැකි බවත් ඔහු කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමග ඔහු මෙම අදහස් පල කරන ලදී.

-lankacnews 

No comments:

Post a Comment

Post Bottom Ad