හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගන්නා ලෙසත්, සුදුසු ආරක්ෂාව හා පහසුකම් සපයන ලෙසත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනපතිගෙන් ඉල්ලා සිටි බව එම පක්ෂයේ මහලේකම්වරයා සඳහන් කරයි.
මෙම ඉල්ලීම කර තිබෙන්නේ, ජනාධිපතිතුමා හා බැසිල් රාජපක්ෂ මහතා සමග පැවැති හමුවේදීය.
පොහොට්ටුවේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එහිදී පවසා ඇත්තේ පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා පොහොට්ටු කණ්ඩායම ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබාදෙන බවයි.
මෙම සාකච්ඡාවට පොහොට්ටුව නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම් ,රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් සහභාගී වී තිබූ බවයි වාර්තා වෙන්නේ.

No comments:
Post a Comment