මහනුවර පස්මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමේ අනතුරින් මිය ගිය අඹු-සැමි යුවළගේ හා සිඟිති දියණියගේ මෘත දේහය නිවසට රැගෙන එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, September 21, 2020

මහනුවර පස්මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමේ අනතුරින් මිය ගිය අඹු-සැමි යුවළගේ හා සිඟිති දියණියගේ මෘත දේහය නිවසට රැගෙන එයි



මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ පිහිටි පස්මහල් ගොඩනැඟිල්ලක් කඩාවැටීමෙන් ඊට යට වී මරණයට පත්වූ අඹු-සැමි යුවළගේ හා සිඟිති දියණියගේ මෘත දේහය මේ වන විට ඔවුන් වාසය කළ නිවස වෙත රැගෙන විත් තිබේ                              


මෙම සිදුවීමෙන් අවාසනාවන්ත අයුරින් මරණයට පත්වූ චමිල ප්‍රසාද් (35) හෝටල් හිමිකරුවෙකු වන අතර ඔහුගේ බිරිඳ වූ අචලා ඒකනායක (32) විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක මෙන්ම නීතිඥවරියකද වේ අනතුරින් මරණයට පත්වූ මෙම දෙපළගේ සිඟිති දියණිය වූ ඔනෙලා ඒකනායකගේ වයස මාස එකහමාරකි.                       


මෙම තිදෙනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 23 දින පස්වරුවේ මහනුවර මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත අතර මෙම හදිසි මරණ සම්බන්ධයෙන් අදහස් පලකල මියගිය අචලා ඒකනායකගේ පියා වූ සිසිර බණ්ඩාර මහතා කියා සිටියේ මෙම මරණ සඳහා වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් නීතිමය පියවර කඩිනමින් ගත යුතු බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad