අමෙරිකාවේ සිටින ජනපති පුත් කණගාටුවෙන් තාත්තාගෙන් කළ ඉල්ලීම - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 9, 2021

අමෙරිකාවේ සිටින ජනපති පුත් කණගාටුවෙන් තාත්තාගෙන් කළ ඉල්ලීම

 
පසුගිය 18 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකාවේ නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය අතර සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව සිය පවුලේ හිතවතුන් සමඟ විවේකී සුවයෙන් ගත කළ බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා මේ වන විට පත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් ජනාධිපතිගේ පුත්‍රයා දැඩි කණගාටුවෙන් සිටින බව ද වාර්තා වනවා.

එහිදී ජනාධිපතිවරයා ආරක්ෂා කරගැනීමට පවුලේ හිතවතුන්ගෙන්වත් සහයක් නොලැබීම පිළිබඳ ඔහු කළකිරීමෙන් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ අග්‍රාමාත්‍යවරයාගේ පවුල සහ දරුවන් සම්බන්ධයෙන් පවතින මතය ජනාධිපතිවරයාගේ පවුල සහ පුත්‍රයා සම්බන්ධයෙන් දක්නට ලැබෙන්නේ නැහැ.

ජනාධිපතිවරයා අමෙරිකාවේ කාලය ගතකරන අවස්ථාවේ සිය පවුලේ හිතවතුන් වත්මන් දේශපාලන වටපිටාව සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව ඔහුට සමීප දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ පවුලේ හිතවතුන්ගෙන් සහායක් නොමැති නම් නැවතත් පවුලේ අය සමඟ අමෙරිකාවට පැමිණෙන ලෙසයි.

ජනාධිපතිවරයාගේ පුත් දමින්ද මනෝජ් රාජපක්ෂ වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙකු වන අතර ඔහු ලොව ප්‍රකට නාසා ආයතනයේ සේවය කරයි.

ඔහු ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන අයෙක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad