කට කතා කොච්චර හැදුනත් - වික්ටර් ගැන අලුත් ආරංචියක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 16, 2020

කට කතා කොච්චර හැදුනත් - වික්ටර් ගැන අලුත් ආරංචියක්

වික්ටර් ගැන අලුත් ආරංචියක්

පසු ගිය අවුරුදු කිහිපය පුරා ආචාර්‍ය වික්ටර් රත්නායකයන්ගේ පුද්ගලික ජීවිතය ගැන නොයෙකුත් කට කතා සහ පුවත් කොච්චර ප්‍රචාරය වුවත් ඔහුගේ කලා කටයුතු නැවතුනේ නැහැ. 

දිවයින පුරා පැවැත්වුනු "සරස" ඒක පුද්ගල ප්‍රසංගය ඊට හොදම උදාහරණයක්.
එම ප්‍රසංග මාලාව පසුගිය මාස කිහිපයේ රටේ තත්වය නිසාත් එතුමාගේ සවුඛ්‍ය තත්වය නිසාත් නතර වී තිබුණත් ඔහු ගැන අපට අලුත් ආරංචියක් අහන්න ලැබුණා.

 ඒ තමයි එතුමාගේ අලුත්ම ගීතය "පෑ එළියක්" ගීතය එළි දැක්වීම.

මිනිසෙකු හුදකලා වීමත් එම හුදකලාව නැති වී යාමත් එම අත්දැකීම ලබන පුද්ගලයාට කොච්චර සංවේදීද කියන දේ පරිසරයත් එක්ක බැදුණු රූප රචනාවකින් පෙළ ගස්වන මේ ගීතය ඔබේ සිත් ඇද බැද ගන්නවා නිසැකයි.

මේ ගීතය අහන ගමන් ඒ මහා කලාකරුවාට තවත් නිර්මාණ කරන්න නීරෝගී, වාසනාව සහ ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.


එම වීඩියෝව පහතින්


No comments:

Post a Comment

Post Bottom Ad